ඉගැන්වීමේ ක්‍රම සහ ක්‍රමශිල්ප / උපාය මාර්ග
ඉගැන්වීමේ ක්‍රම සහ ක්‍රමශිල්ප / උපාය මාර්ග Teaching Methods & Teaching Techniques අප සාකච්ඡා කිරීමට සූදානම් වන මෙම විෂය පථය ඉතාම සංකීර්ණ හා පුළුල්වූ කරුණු රාශියකින් සමන්විත වූවක්. මෙහිදී අපට ඇසෙන හුරුපුරුදු වචන රාශියක් තිබෙනවා. ඒ තමයි Methodology, Approaches, Methods, Techniques & Strategies යන ඉංග්‍රීසි වදන්පෙළ, මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙම ඉංග්‍රීසි වචනවලට සිංහල අර්ථය සෘජුවම ලබාදීමට අපහසුවීම. එනිසා මේ පිළිබඳව සාකච්ඡාවේ ආරම්භය මෙලෙස සිදුකරන්නම්. අධ්‍යාපනය යනු පෙර පරම්පරාව සතු සංස්කෘතික වටිනාකම් ඊළග පරම්පරාවලට පවරාදීම ලෙස සරලව අර්ථ ගැන්විය හැකියි. මිනිස් ශිෂ්්ඨාචාරයේ ආරම්භයේ සිටම මිනිසා විසින් ගොඩනගාගෙන ඇති අති විශාල දැනුම් සම්භාරයන්, කුසලතා හා සදාචාරාත්මක වටිනාකම් සහ අගයන් බොහෝමයි. කලා ශිල්ප, තාක්ෂණ උපකරණ හා ක්‍රමවේද, සිරිත් විරිත්, ගති පැවතුම් හා විස්තර කළ නොහැකි තරම් වූ මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලූම දෙය ද අන්තර්ගත සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට පැවරීමක් තමයි ඈත අතීතයේ සිටම සිදුවෙලා තිබෙන්නේ. ඒ වගේම එය සෑම පරම්පරාවකදීම එයට සමාන්තර පරම්පරා වල සංස්කෘතින...
Comments
Post a Comment